මම මුලින්‍ම කිව්‍වා වගේ, ජාවා කියන් නේ භාෂාවක්. භාෂාවක් වුනාම වචන තියන් න එපායැ. නැත්‍නම් කොහොමද කතා කරන් නේ,ජාවා වලත් මේ වගේ වචන 50ක් තියනවා. මේවා පාවිච්‍චි කරන් න පුලුවන් අදාල අරමුණ සදහා පමනයි.ඒ කියන් නේ අපේ class එකක නමකට, variable එකක නමකට හෝ method එකක නමකට මේවා යොදාගන් න බෑ.
abstract | continue | for | new | switch |
assert *** | default | goto * | package | synchronized |
boolean | do | if | private | this |
break | double | implements | protected | throw |
byte | else | import | public | throws |
case | enum **** | instanceof | return | transient |
catch | extends | int | short | try |
char | final | interface | static | void |
class | finally | long | strictfp ** | volatile |
const * | float | native | super | while |
* භාවිතයේ නැත,** 1.2 සංස්කරණයෙන් එක් වූ,*** 1.4 සංස්කරණයෙන් එක් වූ,**** 5.0 සංස්කරණයෙන් එක් වූ
අපි දැන් උදාහරණයක් අරගෙන බලමු.
class HelloWorld{ public static void main(String[] args){ System.out.println("Hello world !!!"); } }
මෙතන keywords 4ක් තියනවා.(class, public, static, void). System හා String කියන් නේ keywords නෙමෙයි. දැනට මතක තියාගන් න ඒවා predefined class files.
ඒ වගේම ජාවා කියන් නේ case sensitive භාෂාවක්. ඒ කියන් නේ අපි ටයිප් කරන කැපිටල් සිම්‍පල් අකුරු වෙන් වෙන්‍ම ගනන් ගන් නේ.hello, Hello,HellO,HELLO මේ වචන සියල්ලම එකක් විදියට නෙමෙයි හතරක් විදිහටයි ජාවා වලදි ගනන් ගැනෙන්නේ.
පාඩම:
4. ජාවා මූලික පාඩම්.
,
Java SE
1 ප්‍රතිචාර:
ජය වේවා ...!!!
Post a Comment