Friday, December 24, 2010

JSE5:මොකක්ද මේ OOP නැත්නම් වස්තූන් පාදක ක්‍රම ලේඛනය?

OOP - Object Oriented Programming එහෙම නැත්නම් වස්තූන් පාදක ක්‍රම ලේඛනය කියන්නේ මොකක්ද කියන්න කලින් object එකක් එහෙම නැත්නම් වස්තුවක් කියන්නේ මොකක්ද කියලා බලමු.

Object
පුළුල් අර්ථයෙන් ගත්තාම object එකක්  ස්පෘශ්‍ය හෝ අස්පෘශ්‍ය ඕනම දෙයක් වෙන්න පුළුවන්. එතකොට වස්තූන් පාදක ක්‍රමලේඛනය කියන්නේ මේ වස්තූන් පාදක කරගෙන වැඩසටහන් ලිවීමයි.වස්තූන් පාදක ක්‍රම ලේඛනය මත ලිවූ වැඩසටහනක් එහි වස්තූන් වල අන්තර් ක්‍රියාකාරීත්වය මත රදා පවතී.



උදා. ගනුදෙණුකරුවන්ගේ තොරතුරු තබා ගන්නා බයිසිකල් අලෙවිසලක  වැඩසටහනක objects ලෙස Customer, Bicycle..ආදිය හදුනා ගත හැක.පුස්තකාලයක Book, Librarian,Member,...යනාදිය objects ලෙස හදුනා ගත හැක.

1.0 an object
මෙම object එකක් තුල අන්තර්ගතයෙහි ප්‍රධාන කොටස් 2ක් දැකිය හැක.එනම්

1. Fields/Attributes -ලක්ෂණ හෝ ගුණාංග
2. Behaviors/Methods -ක්‍රියාකාරකම් හෝ ක්‍රමෝපායන්

උදා. බයිසිකලය object එකක් ලෙස සැලකූ විට එහි  වේගය, රෝද කරකැවෙන වේගය, ගියරය... යනාදිය attributes ද ගියර මාරු කිරීම, තිරිංග තද කිරීම, පැඩලය පෑගීම...යනාදිය behaviors හෝ  methods ලෙසද දැක්විය හැක. (1.1 රූපය)


1.1 රූපය
Class
අපට පියවි ලෝකයේ එක වර්ගයේ objects ගනනාවක් දැකිය හැක. එකම වර්ගයේ තවත් බයිසිකල් දහස් ගණනක් තිබිය හැක.සෑම බයිසිකලයක්ම එකම සැලැස්මකට(same blueprint), එකම වර්ගයේ උපාංග සහිතව නිපදවා ඇත.වස්තූන් පාදක ක්‍රමශිල්පයේදි අපි මෙය, 

bicycle is an instance of the class of objects known as bicycles
බයිසිකලය යන වස්තුව, බයිසිකල් class එකේ instance එකක්(දෘෂ්ටාන්තයක්)  ලෙ‍ස‍ කි‍ය‍මු‍.

බො‍හෝ‍ වි‍ට‍ class එ‍ක‍ක‍ අ‍ර‍මු‍ණ‍ objects සෑ‍දී‍ම‍යි‍.
Bicycle b1 = new Bicycle();

Inheritance (ඉ‍න්‍ හෙ‍රි‍ට‍න්‍ස්‍)
මෙ‍හි‍ සිං‍හ‍ල‍ අ‍ර්ථ‍ය‍ ව‍න්‍ නේ‍ 'ප්‍ර‍වේ‍ණි‍ය‍' ය‍න්‍ න‍යි‍.අ‍පි‍ මෙ‍හි‍ යොදා‍ගැ‍නී‍ම‍ සො‍යා‍ බ‍ල‍මු‍. අ‍පට‍ පි‍ය‍වි‍ ලෝ‍ක‍යේ‍ මු‍න‍ගැ‍හෙ‍න‍ වෙ‍නස්‍ ව‍ර්‍ග‍යේ‍ ව‍ස්‍තූ‍න්‍ව‍ල‍ එ‍කි‍න‍ක‍ට‍ ය‍ම්‍ ය‍ම්‍ ස‍මා‍න‍ක‍ම්‍ ති‍බි‍ය‍ හැ‍ක‍.
අ‍ප‍ ක‍ලි‍න්‍ භා‍වි‍තා‍ ක‍ල‍ බ‍යි‍සි‍ක‍ල්‍ උ‍දා‍හ‍ර‍ණ‍ය‍ ග‍ත්‍ වි‍ට‍  ක‍දු‍ න‍ගි‍න‍ බ‍යි‍සි‍ක‍ල්‍, ම‍හා‍ මා‍ර්‍ග‍යේ‍ පදින බ‍යි‍සි‍ක‍ල්‍..ආ‍දී‍ වශ‍යෙ‍න්‍ වි‍වි‍ධ‍ objects ති‍බි‍ය‍ හැ‍ක‍.

Object oriented programming හීදී මෙම පොදු methods හා fields  ප්‍රවේණි ක්‍රමය නැතහොත් inheritance යටතේ අනෙක් classes වලට ලබා ගැනීමට ඉඩ සලසයි.
මෙ‍හි‍දී‍ 'බ‍යි‍සි‍ක‍ල‍ය‍' ය‍න්‍ න‍ superclass බ‍ව‍ට‍ත්‍ එ‍හි‍ 'ක‍දු‍ න‍ගි‍න‍ බ‍යි‍සි‍ක‍ල්‍, ම‍හා‍ මා‍ර්‍ග‍යේ‍ පදින බ‍යි‍සි‍ක‍ල්‍..' subclasses බ‍ව‍ට‍ත්‍ ප‍ත්‍ වේ‍.එ‍න‍ම්‍ superclass හී‍ සි‍ය‍ලු‍ attributes/fields හා‍ behaviors/methods එ‍හි‍ subclasses ව‍ල‍ට‍ ලැ‍බේ‍.


Interface
ඔබ පෙර ඉගෙන ගත් ආකාරයට, objects බාහිර ලෝකය සමග සිදු කරන අන්තර් ක්‍රියා  නිර්වචනය වන්නේ objects එක තුල අනාවරණය කරන methods මගිනි. methods, object හි interface නැත්නම් අතුරු මුහුනතෙහි ආකෘතිය සකසයි.

උදා. ඔබේ රූපවාහිනි යන්ත්‍රයේ ඉදිරියේ ඇති buttons, ඔබ හා රූපවාහිනි යන්ත්‍රයේ විදුලි පරිපථ අතර අතුරු මුහුනතයි(interface).

මෙහි ප්‍රායෝගික යොදා ගැනීම මෙහෙම පැහැදිලි කරන්න පුලුවන්. අපි සාමාන්‍යයෙන් සංකීර්ණ මෘදුකාංග නිර්මානයේදි, එහි ක්‍රමලේඛනය පුද්ගලයන් කිහිප දෙනෙක් අතිනුයි කරන්නේ. එවිට එක් එක් පුද්ගලයන් ලියු classes තුල යම් යම් නොගැලපීම් තිබිය හැකි නිසාත්,  මේවා යම් format එකකට එනම් ආකෘතියකට ගෙන ඒමට interface භාවිතා කරයි.

Package
package යනු අදාල interfaces හා classes හි එකතුවකි. packages යනු ඔබේ පරිගනකයේ ප්‍රධාන ගොනු(main folders) මෙනි.songs,films,java  ආදි වශයෙන් එක් එක් අදාල එම ගොනු තුල files තැන්පත් කරන ආකාරයටම තුල classes හා interfaces එක් කරයි. ජාවා හීදී වැඩසටහනක් ලියන විට classes හා interfaces සිය දහස් ගනනක් ඇති විය හැකි නිසා packages මගින් ඒවා තුලට බහාලිය හැක.

ජාවා මගින් class library එනම් packages වල එකතුවක් සපයයි. Application Programming Interface හෝ API යනුවෙන්  මෙම library එක හැදින්වේ.මෙම API නැතහොත්  library එක තුල ඇති නොයෙකුත් පොදු ක්‍රමලේඛන අවශ්‍යතා සදහා උපකාරී වන packages අඩංගු වේ.

උදා. GUI සෑදීමට අප යොදා ගන්නා JButtons, JLabels, JTextFields, JFrame  යනාදිය javax.swing package එක තුල අඩංගු වේ.මෙම package එක නොමැතිනම් අප මෙම JButton, JLabel... components සියල්ල සදහාද කේත ලිවිය යුතුය.

ඉදිරි ලිපි වලින් අප මෙම සංකල්ප ප්‍රායෝගිකව යොදා ගන්නා ආකාරය විමසා බලමු. 

Thursday, December 16, 2010

JSE4:ජා‍වා‍ මූ‍ලි‍ක‍ වචන ලැයිස්තුව - java keywords

ම‍ම‍ මු‍ලි‍න්‍ම‍ කි‍ව්‍වා‍ ව‍ගේ‍, ජා‍වා‍ කි‍ය‍න්‍ නේ‍ භාෂා‍ව‍ක්‍. භා‍ෂා‍ව‍ක්‍ වු‍නා‍ම‍ ව‍ච‍න‍ ති‍ය‍න්‍ න‍ එ‍පා‍යැ‍. නැ‍ත්‍න‍ම්‍ කො‍හො‍ම‍ද‍ ක‍තා‍ ක‍රන්‍ නේ‍,ජා‍වා‍ ව‍ල‍ත්‍ මේ‍ ව‍ගේ‍ ව‍ච‍න‍ 50ක්‍ ති‍ය‍න‍වා‍. මේ‍වා‍ පා‍වි‍ච්‍චි‍ ක‍ර‍න්‍ න‍ පු‍ලු‍ව‍න්‍ අ‍දා‍ල‍ අ‍ර‍මු‍ණ‍ ස‍ද‍හා‍ ප‍ම‍න‍යි‍.ඒ‍ කි‍ය‍න්‍ නේ‍ අ‍පේ‍  class එ‍ක‍ක‍ න‍ම‍ක‍ට‍, variable එ‍ක‍ක‍ න‍ම‍ක‍ට‍ හෝ‍ method එ‍ක‍ක‍ න‍ම‍ක‍ට‍ මේ‍වා‍ යො‍දා‍ග‍න්‍ න‍ බෑ‍.

abstract
continue
for
new
switch
assert***
default
goto*
package
synchronized
boolean
do
if
private
this
break
double
implements
protected
throw
byte
else
import
public
throws
case
enum****
instanceof
return
transient
catch
extends
int
short
try
char
final
interface
static
void
class
finally
long
strictfp**
volatile
const*
float
native
super
while

*       භා‍වි‍ත‍යේ‍ නැ‍ත‍,**     1.2 සංස්කරණයෙන් එ‍ක්‍ වූ‍,***   1.4 සංස්කරණයෙන් එ‍ක්‍ වූ‍,**** 5.0 සංස්කරණයෙන් එ‍ක්‍ වූ‍


අ‍පි‍ දැ‍න්‍ උ‍දා‍හ‍ර‍ණ‍ය‍ක්‍ අ‍ර‍ගෙ‍න‍ බ‍ල‍මු‍.
class HelloWorld{
  public static void main(String[] args){
   System.out.println("Hello world !!!");
 }
}

මෙ‍ත‍න‍ keywords 4ක්‍ ති‍ය‍න‍වා‍.(class, public, static, void). System හා‍ String කි‍ය‍න්‍ නේ‍ keywords නෙ‍මෙ‍යි‍. දැ‍න‍ට‍ ම‍ත‍ක‍ ති‍යා‍ගන්‍ න ඒ‍වා‍ predefined class files.

ඒ‍ ව‍ගේ‍ම‍ ජා‍වා‍ කි‍ය‍න්‍ නේ‍ case sensitive භා‍ෂා‍ව‍ක්‍. ඒ‍ කි‍ය‍න්‍ නේ‍ අ‍පි‍ ට‍යි‍ප්‍ ක‍ර‍න‍ කැ‍පි‍ට‍ල්‍ සි‍ම්‍ප‍ල්‍ අ‍කු‍රු‍ වෙ‍න්‍ වෙ‍න්‍ම‍ ග‍න‍න්‍ ග‍න්‍ නේ‍.hello, Hello,HellO,HELLO මේ වචන සියල්ලම එකක් විදියට නෙමෙයි හතරක් විදිහටයි ජාවා වලදි ගනන් ගැනෙන්නේ.


Friday, December 10, 2010

JSE3:Features in Java (ජාවා හී ගුණාංග)


ජාවා වෙනත් ක්‍රමලේඛන භාෂා වලින් වෙනස් වෙන්නේ කෙසේද කියා අපි මෙම ලිපියෙන් ඉගෙන ගනිමු.
  1. Simple(සරල බව)
  2. Object Oriented(වස්තූන් පාදකය)
  3. Statically Typed(ස්ථිතිකත්වය)
  4. Compiled (සම්පාදනය කරන ලද)
  5. Multithreads (බ‍හුකාර්ය)
  6. Garbage Collection(අනවශ්‍ය දෑ ඉවත්කිරීමේ ස්ව්යංක්‍රීය යාන්ත්‍රණය)
  7. Robust(ශක්තිමත් බව/බිද නොවැටීමේ හැකියාව)
  8. Secure(ආරක්ෂිත බව)

1. Simple(සරල බව)

ජාවා අනෙකුත් උසස් ක්‍රමලේඛන භාෂා වල පවතින අනවශ්‍ය ලක්ෂණ එනම් pointer math, implcit type casting, templates, header file සදහා සහාය නොදක්වයි.
2. Object Oriented(වස්තූන් පාදකය)

ජාවා වස්තූන් පාදක ක්‍රමලේඛන භාෂාවක් (Object Oriented Programming Language) ලෙස සැලකේ. එතකොට OOP භාෂාවක් වීමේ වැදගත්කම මොකක්ද? ක්‍රමලේඛන ශිල්පයට නවකයන්ට, OOP භාවිතා කොට ලියන ලද මෘදුකාංග නිර්මාණය හා නඩත්තුව පහසුය. මක් නිසාද යත් OOP සැකැස්ම මෘදුකාංග සංවර්ධකයන්(S/W Devolopers) ට මෘදුකාංග මනා ලෙස සංවිධානය කිරීමට දිරිගැන්වීම තුලින් සංකීර්ණ මෘදුකාංග තේරුම් ගැනීම පහසු කරන අතරම කලමනාකරණය කල හැකි කුඩා කොටස් වලට වෙන් කරයි.OOP පිලිබද පසුව ලිපියකින් සාකච්ඡා කෙරේ.
3. Statically Typed(ස්ථිතිකත්වය)

ජාවා ක්‍රමලේඛ තුල භාවිතා කරන සියලුම Object(වස්තූන්),Variables(විචල්‍යයන්) එම ක්‍රමලේඛය තුල භාවිතා කිරීමට පෙර හදුන්වා දිය යුතුය.
4. Compiled (සම්පාදනය කරන ලද)

නිර්මාණය කරන ලද ජාවා ක්‍රමලේඛයක් run කිරීමට පෙර ජාවා සම්පාදකයක්(Compiler) මගින් සම්පාදනය(compile) කල යුතුය. Compiler මගින් Java Source Code එක Byte Code එකක් බවට පරිවර්ථනය කරයි. මෙම Byte Codes, JVM(Java Virtual Machine) මගින් මෙහෙයුම් පද්ධතියට අවශ්‍ය Machine Codes බවට පත් කරයි.
5. Multithreads (බ‍හුකාර්ය)

Java වැ‍ඩ‍ස‍ට‍හ‍න්‍ නි‍ර්‍මා‍ණ‍යේ‍දී‍ එ‍ම‍ගි‍න්‍ ය‍ම්‍ ය‍ම්‍ ක්‍රි‍යා‍ව‍න්‍(methods) සමගාමීව(concurrently)‍ සි‍දු‍ක‍ල‍ යු‍තු‍ බ‍හුකාර්ය අ‍ව‍ස්‍ථා‍ වල Multithreads යොදා ගැනේ.
6. Garbage Collection(අනවශ්‍ය දෑ ඉවත්කිරීමේ ස්ව්යංක්‍රීය යාන්ත්‍රණය)

Garbage Collection යනු Java Virtual Machine මගින් දැනට භාවිතයට නොගැනෙන objects සදහා ඇති මතකයේ ගෙන ඇති අනවශ්‍ය ඉඩකඩ(garbage) නැවත අත්පත් කර ගැනීමේ ස්වයංක්‍රීය යාන්ත්‍රනයකි.Garbage Collection මගින් C++ වැනි පරිගණක ක්‍රමලේඛන භාෂාවල අත්‍යවශ්‍ය අවධානය යොමුකල යුතු කොටසක් වන මතකය කලමණාකරණය(memory management) න් ක්‍රමලේඛන ශිල්පියා මුදවා වැඩි කාලයක් වැඩසටහන වෙත යෙදවීමට සලස්වයි.
7. Robust(ශක්තිමත් බව/බිද නොවැටීමේ හැකියාව)

java ක්‍රමලේඛන පරිවර්ථකය පද්ධතිය තුලට ඇතුලු වීමට ඇති සියලුම ඉඩකඩ පරීක්ෂා කරයි.එබැවින් ජාවා ක්‍රම ලේඛය බිදවැටීමකට ලක්වීම ඉතා අවම මට්ටමක පවතී.
8. Secure(ආරක්ෂිත බව)

ක්‍රමලේඛවල ආරක්ෂිතභාවය හා මෘදුකාංගවල ආරක්ෂිත භාවය.

Tuesday, December 7, 2010

JSE2:ජා‍වා‍ install කි‍රී‍ම‍ හා‍ path සෙ‍ට්‍ කි‍රී‍ම‍

අ‍පි‍ ක‍ලි‍න්‍ සා‍ක‍ච්‍ඡා‍ ක‍ර‍පු‍ වි‍දි‍හ‍ට‍ ජාවා මූලික ක්‍රමලේඛන පසුබිම Java SE වේ. මෙම සංස්කරණය මගින් සපයනු ලබන විවිධ “මෙවලම්” (Tools) හා API’s භාවිතා කරමින්, වින්ඩොව්ස්, ලින්ක්ස්, සොලාරිස්,මැකින්ටොෂ් වැනි විවිධ මෙ‍හෙ‍යු‍ම්‍ ප‍ද්‍ධ‍ති‍ වල එ‍ක‍ ලෙ‍ස‍ ධා‍ව‍න‍ය‍ ක‍ල‍ හැ‍කි‍ යෙදව්ම්(applications) නිර්මාණය ක‍ර‍න්‍න‍ පු‍ලු‍ව‍න්‍. ජා‍වා‍ වැ‍ඩ‍ස‍ට‍හ‍න්‍ ලි‍වී‍ම‍ ස‍දහා‍ ඊ‍ට‍ම ආ‍වේ‍ණි‍ක‍ Text editor එ‍ක‍ක්‍ අ‍ව‍ශ‍්‍ය‍ නො‍වු‍න‍ද‍‍ එ‍ය‍ ප‍හ‍සු‍ ක‍ර‍න‍ JText, JPadPro වැ‍නි‍ ජා‍වා‍ text editors භා‍වි‍තා‍ ක‍ල‍ හැ‍ක‍. එ‍ය‍ම‍ද ප්‍ර‍මා‍ණ‍ව‍ත්‍ නො‍ව‍න‍ සං‍කී‍ර්ණ‍ අ‍තු‍රු‍ මු‍හු‍ණ‍ත්‍(interfaces) ස‍හි‍ත‍ ජා‍වා‍ වැ‍ඩ‍ස‍ට‍හ‍න්‍ ලි‍වී‍මේ‍දී‍ Netbeans, eclipse වැ‍නි‍ IDE භා‍වි‍තා‍ ක‍ර‍යි‍‍. ඔ‍බ‍ ජා‍වා‍ ක්‍ර‍ම‍ලේ‍ඛ‍න‍ භා‍ෂා‍ව‍ට‍ න‍ව‍ක‍යෙ‍කු‍ න‍ම්‍ ප‍ල‍මු‍ව‍ Notepad වැ‍නි‍ ස‍ර‍ල‍ text editor ‍එ‍ක‍ක්‍ භා‍වි‍තා‍ ක‍ර‍න්‍න‍. 

ජා‍වා‍ වැ‍ඩ‍ස‍ට‍හ‍න්‍ ලි‍වී‍ම‍ ස‍ද‍හා‍ JRE ප්‍ර‍මා‍ණ‍ව‍ත්‍ නැ‍ති‍ බ‍ව‍ත්‍ ඒ‍ ස‍ද‍හා‍ JDK අ‍වශ‍්‍ය‍ බ‍ව‍ත්‍ අ‍පි‍ ද‍න්‍න‍වා‍. JDK ප‍රි‍ග‍ණ‍ක‍ය‍ට‍ භා‍ග‍ත‍(download) ක‍ර‍ ගැ‍නී‍ම‍ ස‍ද‍හා‍ ප‍හ‍ත පි‍ය‍ව‍ර‍ අ‍නු‍ග‍ම‍න‍ය‍ ක‍ර‍න්‍න.(අ‍දා‍ල‍ වෙ‍බ්‍ අ‍ඩ‍වි‍ය‍ යා‍ව‍ත්‍කා‍ලී‍න‍ ව‍න‍ හෙ‍යි‍න්‍ රූ‍ප‍ස‍ට‍හ‍න්‍ ව‍ල‍ දැ‍ක්‍වෙ‍න‍ උ‍ප‍දෙ‍ස්‍ සු‍ලු‍ ව‍ශ‍යෙ‍න්‍ වෙ‍න‍ස්‍ වි‍ය‍ හැ‍ක‍. ‍)

පි‍ය‍ව‍ර‍ I:
භා‍ග‍ත‍(download) ක‍ර‍ ගැ‍නී‍ම‍ ස‍දහා‍‍ ප‍හ‍ත‍ link එ‍ක‍ භා‍වි‍තා‍ ක‍ර‍න්‍න‍.
පි‍ය‍ව‍ර II:
ලැ‍බෙ‍න‍ වෙ‍බ්‍ පි‍ටු‍වෙ‍න්‍ JDK ය‍න්‍න‍ ස‍ද‍හ‍න්‍ download බො‍ත්‍ත‍ම‍ ම‍ත‍ ක්‍ලි‍ක්‍ ක‍ර‍න්‍න‍. (1 රූ‍ප‍ය‍)


පි‍ය‍ව‍ර III:
අ‍ලු‍ති‍න්‍ ලැ‍බෙ‍න‍ වෙ‍බ්‍ පි‍ටු‍වේ‍‍ JDK හී‍ වි‍වි‍ධ‍ මෙ‍හෙ‍යු‍ම්‍ ප‍ද්‍ධ‍ති‍ ස‍දහා‍ අ‍ව‍ශ‍්‍ය‍ setup files දැ‍ක්‍ වේ(2 රූ‍ප‍ය‍)‍.ප‍ල‍මු‍ව‍ භා‍ග‍ත කි‍රී‍මේ‍දී‍ ලබා‍දෙ‍න‍ ගි‍වි‍සු‍ම‍ට‍ එ‍ක‍ඟ‍ වි‍ය‍ යු‍තු‍ය‍. ඊ‍ත‍ල‍ය‍කි‍න්‍ දැ‍ක්‍වෙ‍න‍ radio button එ‍ක‍ ක්‍ලි‍ක්‍ ක‍ර,‍ මි‍න්‍ ඔ‍බ‍ගේ‍ මෙ‍හෙ‍යු‍ම්‍ ප‍ද්‍ධ‍ති‍ය‍ට‍ අ‍දා‍ල‍ link එ‍ක‍ ම‍ත‍ ක්‍ලි‍ක්‍ ක‍ල‍ යු‍තු‍ය‍.උ‍දා‍හ‍ර‍ණ‍ය‍ක්‍ ලෙ‍ස‍ ඔ‍බ‍ windows xp භා‍වි‍තා‍ ක‍ර‍යි‍ න‍ම්‍, එ‍ය‍ බො‍හෝ‍ වි‍ට‍ 32bit මෙ‍හෙ‍යු‍ම්‍ ප‍ද්‍ධ‍ති‍ය‍කි‍, එ‍නි‍සා‍ windows x86 ක්‍ලි‍ක්‍ ක‍ල‍ යු‍තු‍ය‍.64bit වින්ඩෝස්‍ මෙ‍හෙ‍යු‍ම්‍ ප‍ද්‍ධ‍ති‍යක්‍ න‍ම්‍ windows x64 ම‍ත‍ ක්‍ලි‍ක්‍ ක‍ල‍ යු‍තු‍ය‍. ත‍ව‍ම‍ත්‍ එ‍ය‍ ගැ‍ට‍ලු‍ ස‍හ‍ග‍ත‍ න‍ම්‍ මෙ‍ම‍ ලි‍පි‍ය‍ කි‍ය‍ව‍න්‍න‍. ‍



පි‍ය‍ව‍ර IV:
Setup file එ‍ක‍ භා‍ග‍ත වූ‍ ප‍සු‍ ඒ‍ ම‍ත‍ ඩ‍බ‍ල්‍ ක්‍ලි‍ක්‍ ක‍ර‍ සා‍මා‍න්‍ය‍ ප‍රි‍දී‍ ඔ‍බ‍ගේ‍ ප‍රි‍ග‍ණ‍ක‍යේ‍ පි‍හි‍ටු‍වා‍ ගන්‍න‍.
පි‍ය‍ව‍ර V:
ස්‍ථා‍ප‍න‍ය‍ ක‍ර‍ග‍ත්‍ත‍ට‍ අ‍පි‍ට‍ වැ‍ඩ‍ස‍ට‍හ‍න්‍ ලි‍ය‍න්න‍ ක‍ලි‍න්‍ path සෙ‍ට්‍ ක‍ර‍න්න‍ ඕ‍නේ‍. මො‍ක‍ට‍ද‍ path සෙ‍ට්‍ ක‍ර‍න්නේ‍? path එ‍ක‍ ය‍නු‍ ජා‍වා‍ bin ගො‍නු‍ව‍ට‍ ය‍න‍ ලි‍පි‍න‍ය‍යි‍. කො‍හෙ‍ද‍ ඔ‍ය‍ bin ගො‍නු‍ව‍ ති‍ය‍න්නේ‍? මො‍න‍ව‍ද‍ ති‍ය‍න්නේ‍?

ඔබ නිර්දේශිත ගොනුවටම ජා‍වා‍ ස්ථාපනය කලා නම් ගොනුව වෙත සම්පූර්ණ යොමුව(path) මේ ලෙසින් දැක ගන්න පුළුවනි. (C:\Program Files\Java\jdk#.#.#_##\bin).මෙ‍ම‍ path එ‍ක‍ නි‍වැ‍ර‍දි‍ව‍ ල‍බා‍ ගැ‍නී‍ම‍ට‍  My computer වෙ‍ත‍ ගො‍ස්‍ C: අ‍යි‍ක‍න‍ය‍ ම‍ත‍ දෙ‍ව‍ර‍ක්‍ කො‍ට‍න්න‍. දැ‍න්‍ Program files ගො‍නු‍ව‍ට‍ පි‍වි‍සෙ‍න්න‍. එ‍හි‍  Java ගො‍නු‍ව‍ට‍ එ‍හි‍ත්‍ jdk#.#.#_## ගො‍නු‍ව‍ සො‍යා‍ග‍න්න‍(සැ‍.යු‍. # ය‍න්න‍ ඕ‍නෑ‍ම්‍ සං‍ඛ්‍යා‍ව‍ක්‍ වි‍ය‍ හැ‍ක‍).මෙ‍ම ගො‍නු‍ව‍ තු‍ල‍ bin ගො‍නු‍ව‍ හ‍මු‍වේ‍.දැ‍න්‍ එ‍ම‍ ගො‍නු‍ව‍ට‍ ගි‍ය‍ ලි‍පි‍න‍ය‍ 'address bar' ය‍න්නෙ‍හි‍ ස‍ට‍හ‍න්‍ වේ‍.එ‍ම‍ ලි‍පි‍න‍ය‍ ම‍ත‍ ම‍වු‍ස‍යෙ‍ ද‍කු‍ණු‍ බො‍ත්‍ත‍ම‍ ත‍ද‍ ක‍ර‍ copy ය‍න්න‍ කො‍ට‍න්න‍.
මෙ‍ම‍ ගො‍නු‍වේ‍ අ‍ඩ‍ං‍ගු‍ දෑ‍ ප‍රී‍ක්‍ෂා‍ ක‍ල‍හො‍ත්‍ මෙ‍හි‍ java, javac... ආදී‍ වැ‍ඩ‍ස‍ට‍හ‍න්‍ රා‍ශි‍ය‍ක්‍ දැ‍කි‍ය‍ හැ‍ක‍.එ‍නම්‍ අ‍පි‍ සි‍දු‍ ක‍ර‍නු‍ ල‍බ‍න්නේ‍ මෙ‍ම‍ වැ‍ඩ‍සට‍හ‍න්‍ cmd (command prompt/වි‍ධා‍න‍ ධා‍ව‍න පැ‍න‍ල‍ය‍) ම‍ගි‍න්‍ ඍජු‍ව‍ම‍ ධා‍ව‍න‍ය‍ ස‍ද‍හා‍ ස‍ක‍ස්‍ ක‍ර‍ගැ‍නී‍ම‍යි‍(shortcut).
දැන් මේ පියවර අනුගමනය කරන්න...

My Computer මත Right Click කර Properties තෝරා ලැබෙන Window එකෙන් Advance Tab එක තෝරා, එහි ඇති Environment Variables බොත්තම තද කරන්න.

ලැබෙන Dialog Box එකෙහි, System variables යටතේ ඇති Variable හි "Path" තෝරා Edit ‍කර, එහි Variable name එසේම තිබියදී, Variable value හි දැනට ඇති සියළු දේ එසේ තිබියදී, එහි අවසානයෙහි  ති‍ත්‍ කො‍මා‍ ලකුණ " ; " (without double quotation) ‍යොදා, ඔයා කලින් Copy කර ගත් Path එක එය අව‍සානයෙහි Paste කර, OK කරන්න...(1.0 රූ‍ප‍ය‍ බ‍ල‍න්න‍)


අපි දැන් path  එක හදා ගෙන අවසානයි. මේක test කරන්න පුංචි වැඩක් කරන්න තියනවා. start->run ගිහින් cmd ටයිප් කරන්න.දැන් javac ගහලා enter යතුර ඔන්න.එවිට 2.0 පින්තුරය වගේ ප්‍රතිධානයක් දෙන්න ඕනි.නැත්නම් මේ පියවර ටික නැවතත් මුලසිට සිදු කල යුතුය.

1.0 රූ‍ප‍ය‍
2.0 රූ‍ප‍ය‍

















අපේ පලවෙනි මෘදුකාංගය ලියන හැටි මීලඟ ලිපියෙන් සලකා බලමු

JSE1:ජා‍වා‍ ක්‍ර‍ම‍ලේ‍ඛ‍න‍ය‍ට‍ ප්‍ර‍වේ‍ශ‍ය‍ක්‍...

ප‍ල‍වෙ‍නි‍ පා‍ඩ‍ම‍ ප‍ට‍න්‍ ගන්න කලින් එ‍ක‍ දෙ‍ය‍ක්‍ කි‍ය‍න්න‍ ඕ‍නේ‍.මේ පාඩම් සකස් කර ඇත්තේ විවිධ දැනුම් මට්ටම් වල පාඨක ඔබ පදනම් කරගෙනයි. මේ‍ දේ‍ව‍ල්‍ ව‍ල‍ තේ‍රේ‍න්නේ‍ නැ‍ති‍ දෙ‍ය‍ක්‍ ති‍ය‍න‍ව‍න‍ම්‍ ,
  1. ප‍ල‍වෙ‍නි‍ පා‍ර‍ තේ‍රෙ‍න්නේ‍ නැ‍ති‍ න‍ම්‍ දෙ‍තු‍න්‍ පා‍ර‍ක්‍ කි‍ය‍ව‍න්න‍.
  2. එහෙමත් තේරෙන්නේ නැත්නම් ලැ‍ජ්‍ජ‍ වෙ‍න්නේ‍ නැ‍ති‍ව‍ අ‍හ‍න්න‍.
  3. (නැත්නම් තේරුනා වගේ සද්ද නැතුව ඉන්නත් පුළුවන්)
මු‍ලි‍න්‍ම‍ අ‍පි‍ බ‍ල‍මු‍ මො‍ක‍ක්‍ද‍ මේ‍ ජා‍වා‍ කි‍ය‍න්නේ‍? ජා‍වා‍ කි‍ය‍න්නේ‍ programming language එ‍ක‍ක්‍.ඒ‍ කි‍ය‍න්නේ‍ ක්‍ර‍ම‍ලේ‍ඛ‍න‍ භා‍ෂා‍ව‍ක්‍. එ‍ත‍කො‍ට‍ මො‍ක‍ක්‍ද‍ මේ‍ පරිගණක භාෂා (programming language) කි‍ය‍න්නේ‍? 

පරිගණකයක දෘඩාංග(hardware) පමණක් එක් කර අපට තේරෙන විදියට නම් වයර් කෑලි ඇමුණූ පමණින් අපට අවශ්‍ය කාර්යය කරගැනීමට අපහසුයි. ඒ සදහා හැසිරවීමක් තිබිය යුතුය. එනම් මෘදුකාංග(software) අවශ්‍ය වේ.Wikipedia අනූව පරිගණක වැඩසටහනක්(computer program) යනු, 

"computer program is a sequence of instructions written to perform a specified task with a computer"

 ඒ අනූව computer program  එකක් යනු යම් නිශ්චිත කාර්යයක් ඉටු කිරීම සදහා ඇති වීධාන ලැයිස්තුවකි. මෙවැනි වැඩසටහන් එකක් හෝ කීපයක් එකතු වී  software  එකක් නිර්මාණය වේ. programming languages අවශ්‍ය වන්නේ මෙම software නිර්මාණය සදහා යි.

ඔ‍ය‍ගො‍ල්‍ලෝ‍ ද‍න්න‍වා‍ ඇ‍ති‍ ඉ‍ස්‍ස‍ර‍ ක්‍ර‍ම‍ ලේ‍ඛ‍න‍ ශි‍ලි‍පී‍න්‍ ප‍රි‍ග‍ණ‍ක‍ වැ‍ඩ‍ස‍ට‍හ‍න්‍ ලි‍ව්‍වේ‍ 1001 1110 ක්‍ර‍ම‍ය‍ට‍. මේ‍ක‍ ත‍මා‍ ප‍රි‍ග‍ණ‍ක‍ය‍ට තේ‍රෙ‍න‍ එ‍ක‍ම‍ භා‍ෂා‍ව.ඕ‍ක‍ හොද‍ට‍ අ‍ධ්‍ය‍න‍ය‍ ක‍ලො‍ත්‍ තේ‍රේ‍යි‍ ඔ‍ය‍ දෙ‍කේ‍ පා‍ද‍යෙ‍ සං‍ඛ‍්‍යා‍නේ‍ කි‍ය‍ලා‍,ඇ‍යි‍ දෙ‍කේ‍ පා‍ද‍යෙ‍ සං‍ඛ්‍යා‍ ග‍ත්‍තේ‍ 10 පා‍ද‍ය‍ ග‍න්නේ‍ නැ‍ති‍ව‍? දෙ‍කේ‍ පා‍ද‍යේ‍ සං‍ඛ්‍යා‍ ව‍ල‍ ති‍ය‍න්නේ‍ 1,0 වි‍ත‍ර‍යි‍.ත‍ත්‍ ව‍ 2 යි‍. ද‍හ‍යේ‍ පා‍ද‍යේ‍ සං‍ඛ්‍යා‍ ව‍ල‍ 0,1,....,7,8,9 වෙ‍න‍ක‍න්‍ සං‍ඛ්‍යා‍ 10ක්‍ ති‍ය‍න‍වා‍.ඒ‍ කි‍ය‍න්නේ‍ ත‍ත්ව‍(states) 10ක්‍ ති‍ය‍න‍වා‍.ඒ‍ක‍ හි‍න්‍දා‍ දෙ‍කේ‍ පා‍ද‍යේ‍ සං‍ඛ්‍යා‍ හ‍රි‍ ලේ‍සි‍යි‍.ඉ‍ලෙ‍ක්‍ට්‍රො‍නි‍ක‍ වි‍ද‍්‍යා‍වේ‍ වි‍දි‍හ‍ට‍ අ‍පි‍ට‍ ඔ‍ය‍ 1,0 ය‍න‍ ත‍ත්ව‍ වැ‍ඩි‍ වි‍දු‍ලි‍ ධා‍රා‍ව‍ක්‍ හා‍ ඊ‍ට‍ අ‍ඩු‍ වි‍දු‍ලි‍ ධා‍රා‍ව‍ක්‍ තු‍ලි‍න්‍ නි‍රූ‍ප‍න‍ය‍ ක‍ල‍ හැ‍කි‍යි‍.

ඔ‍ය‍ ක්‍ර‍ම‍ය‍ට‍ වැ‍ඩ‍ස‍ට‍හ‍න‍ක්‍ ලි‍ය‍න්න‍ ගි‍යො‍ත්‍ ජී‍වි‍ත‍ කා‍ලය‍ම‍ කැ‍ප‍ ක‍ර‍න්න‍ වෙ‍න‍ හි‍න්‍දා‍  assembly language එ‍ක‍ හ‍දු‍න්‍ව‍ලා‍ දු‍න්නා‍.ඒ‍ක‍ මේ‍ ව‍ගේ‍.

MV 0, SUM
MV NUM, AC

assembly language එ‍කෙ‍න්‍ ලි‍ය‍න‍ වැ‍ඩ‍ස‍ට‍හ‍න්‍ assembler ම‍ගි‍න්‍ 101011 ට‍ ප‍රි‍ව‍ර්‍ත‍න‍ය‍ ක‍ර‍න‍වා‍.මේ‍ක‍ low-level-programming language එ‍ක‍ක්‍.මේ‍ lanuages අ‍පි‍ට‍ තේ‍රු‍ම්‍ ග‍න්න‍ ටි‍ක‍ක්‍ අ‍මා‍රු‍යි‍.හැ‍බැ‍යි‍ ප‍රි‍ග‍න‍ක‍ය‍ට‍ ලේ‍සි‍යි‍.

මේ‍ක‍ත්‍ ප්‍ර‍මා‍ණ‍ව‍ත්‍ නැ‍ති‍ හි‍න්‍දා‍,මී‍ට‍ත්‍ ප‍ස්සේ‍ ආ‍වා‍ high-level-programming languages. ඒ‍ කි‍ය‍න්නේ‍ අ‍පි‍ට‍ තේ‍රු‍ම්‍ ග‍න්න‍ ලේ‍සි‍යි‍, හැ‍බැ‍යි‍ ප‍රි‍ග‍න‍ක‍ය‍ට‍ අ‍මා‍රු‍යි‍. ඔ‍න්න‍ ඔ‍ය‍ ගො‍ඩ‍ට‍ ත‍මා‍ java වැ‍ටෙ‍න්නේ‍.


අ‍ම‍ත‍ර‍ දැ‍නු‍ම‍ට‍:
ජා‍වා‍ ඉ‍ති‍හා‍ස‍ය‍ එ‍ත‍ර‍ම්‍ වැ‍ද‍ග‍ත්‍ නැ‍ත‍ත්‍ ජා‍වා‍ ක්‍ර‍ම‍ලේ‍ඛ‍න‍ භා‍ෂා‍ව‍ හැ‍දු‍වේ‍ ම‍හා‍චා‍ර්ය‍ ජේ‍ම්‍ස්‍ ගො‍ස්‍ලි‍න්‍ ම‍හ‍තා‍(Dr. James Gosling), කි‍ය‍න‍ එ‍ක‍ ම‍ත‍ක‍ ති‍යා‍ ග‍න්‍ න‍.ජා‍වා‍හි‍ න‍මෙ‍හි‍ ක්‍ර‍මි‍ක‍ වි‍කා‍ශ‍න‍ය‍ Oak -> Green -> Java.

Sunday, December 5, 2010

දි‍ගු‍ ග‍ම‍න‍ක‍ ඇ‍ර‍ඹු‍ම‍ (කෙ‍ටි‍යෙ‍න්‍)....

ඕං ඉ‍ති‍න්‍ ගො‍ඩ්‍ දෙ‍නෙ‍කු‍ගෙ‍ ඉ‍ල්‍ලී‍ම‍ ප‍රි‍දි‍ ජා‍වා‍ කු‍ප්‍පි‍ය‍ ප‍ට‍න්‍ ග‍ත්‍තා‍.හා‍ හා‍ පු‍රා‍ කි‍ය‍ලා‍ දා‍න‍ ප‍ළ‍වෙ‍නි‍ ලි‍පි‍ය‍. මේ‍ක‍ ලි‍ය‍න‍කො‍ට‍ත්‍  ජා‍වා‍ සිංහලෙන් ලි‍ය‍පු‍ වෙ‍බ්‍ අ‍ඩ්‍වි‍ කී‍ප‍ය‍ක්‍ ති‍බු‍නා‍, ඒ‍ ඔ‍කකෝට‍ම‍ ව‍ඩා‍ වෙ‍න‍ස්‍ දෙ‍ය‍ක්‍ මේ‍කෙ‍න්‍ දෙ‍න්න ම‍ම‍ උ‍ත්‍සා‍හ‍ ක‍ර‍න‍වා‍. බැ‍රි‍ අ‍ය‍ වි‍ත‍ර‍ක්‍ නෙ‍මෙ‍යි‍ පු‍ලු‍ව‍න්‍ අ‍ය‍ට‍ වු‍න‍ත්‍ මේ‍ක‍ ගො‍ඩ‍ක්‍ වු‍ව‍ම‍නා‍ වේ‍වි‍.

හැ‍බැ‍යි‍ ම‍ම‍ එ‍ක‍ අ‍ව‍වා‍ද‍ය‍ක්‍ දෙ‍න්නම්‍; ජා‍වා‍ අ‍මා‍රු‍ නෑ‍.අ‍මා‍රු‍යි‍ කි‍ය‍ලා‍ හි‍තු‍වො‍ත්‍ ඉ‍ති‍න්‍ අ‍මා‍රු‍ම‍ ත‍ම‍යි‍.


Related Posts Plugin for WordPress, Blogger...