පලවෙනි පාඩම පටන් ගන්න කලින් එක දෙයක් කියන්න ඕනේ.මේ පාඩම් සකස් කර ඇත්තේ විවිධ දැනුම් මට්ටම් වල පාඨක ඔබ පදනම් කරගෙනයි. මේ දේවල් වල තේරේන්නේ නැති දෙයක් තියනවනම් ,
- පලවෙනි පාර තේරෙන්නේ නැති නම් දෙතුන් පාරක් කියවන්න.
- එහෙමත් තේරෙන්නේ නැත්නම් ලැජ්‍ජ වෙන්නේ නැතිව අහන්න.
- (නැත්නම් තේරුනා වගේ සද්ද නැතුව ඉන්නත් පුළුවන්)
පරිගණකයක දෘඩාංග(hardware) පමණක් එක් කර අපට තේරෙන විදියට නම් වයර් කෑලි ඇමුණූ පමණින් අපට අවශ්‍ය කාර්යය කරගැනීමට අපහසුයි. ඒ සදහා හැසිරවීමක් තිබිය යුතුය. එනම් මෘදුකාංග(software) අවශ්‍ය වේ.Wikipedia අනූව පරිගණක වැඩසටහනක්(computer program) යනු,
"computer program is a sequence of instructions written to perform a specified task with a computer"
ඒ අනූව computer program එකක් යනු යම් නිශ්චිත කාර්යයක් ඉටු කිරීම සදහා ඇති වීධාන ලැයිස්තුවකි. මෙවැනි වැඩසටහන් එකක් හෝ කීපයක් එකතු වී software එකක් නිර්මාණය වේ. programming languages අවශ්‍ය වන්නේ මෙම software නිර්මාණය සදහා යි.
ඔයගොල්‍ලෝ දන්නවා ඇති ඉස්‍සර ක්‍රම ලේඛන ශිලිපීන් පරිගණක වැඩසටහන් ලිව්‍වේ 1001 1110 ක්‍රමයට. මේක තමා පරිගණකයට තේරෙන එකම භාෂාව.ඕක හොදට අධ්‍යනය කලොත් තේරේයි ඔය දෙකේ පාදයෙ සංඛ‍්‍යානේ කියලා,ඇයි දෙකේ පාදයෙ සංඛ්‍යා ගත්‍තේ 10 පාදය ගන්නේ නැතිව? දෙකේ පාදයේ සංඛ්‍යා වල තියන්නේ 1,0 විතරයි.තත් ව 2 යි. දහයේ පාදයේ සංඛ්‍යා වල 0,1,....,7,8,9 වෙනකන් සංඛ්‍යා 10ක් තියනවා.ඒ කියන්නේ තත්ව(states) 10ක් තියනවා.ඒක හින්‍දා දෙකේ පාදයේ සංඛ්‍යා හරි ලේසියි.ඉලෙක්‍ට්‍රොනික විද‍්‍යාවේ විදිහට අපිට ඔය 1,0 යන තත්ව වැඩි විදුලි ධාරාවක් හා ඊට අඩු විදුලි ධාරාවක් තුලින් නිරූපනය කල හැකියි.
ඔය ක්‍රමයට වැඩසටහනක් ලියන්න ගියොත් ජීවිත කාලයම කැප කරන්න වෙන හින්‍දා assembly language එක හදුන්‍වලා දුන්නා.ඒක මේ වගේ.
MV 0, SUM
MV NUM, AC
assembly language එකෙන් ලියන වැඩසටහන් assembler මගින් 101011 ට පරිවර්‍තනය කරනවා.මේක low-level-programming language එකක්.මේ lanuages අපිට තේරුම් ගන්න ටිකක් අමාරුයි.හැබැයි පරිගනකයට ලේසියි.
මේකත් ප්‍රමාණවත් නැති හින්‍දා,මීටත් පස්සේ ආවා high-level-programming languages. ඒ කියන්නේ අපිට තේරුම් ගන්න ලේසියි, හැබැයි පරිගනකයට අමාරුයි. ඔන්න ඔය ගොඩට තමා java වැටෙන්නේ.
5 ප්‍රතිචාර:
ela ela පිං සිද්ද වෙනවා. :D
මචන් word veification ain karapan.comment daanna amarui
හොඳ වැඩක්..
මේවාටත් මේ බ්ලොග් එක submit කරන්න
http://blogs.sinhalabloggers.com/
http://syndi.lankeeya.lk/
http://si.hathmaluwa.org/
බොහොම ස්තුතියි comment වලට....බ්ලොග් එක කරන්න වෙලාව හොයාගන්න තමා අමාරු...
කොහොම හරි වෙලාව අරන් ලියපන් බන්...
ජය වේවා ...!!!
ස්තූතියි යාළු...
Post a Comment