Tuesday, January 1, 2013

JME-5.නෙට් බීන්ස් ජාවා පලමු වැඩසටහනේ 'JAR' ගොනුවක් නිපදවා ගැනීම


පෙර ලිපියෙන් පෙන්වා දුන් ආකාරයට සියල්ල සාර්ථකව අවසන් කල පසු පහත රූපයේ ආකරයට 'Application' එක​ run විය යුතුය​.

JAR යනු Java ARchive යන්නයි. එනම් ජාවා වැඩසටහනක් උපාංගයකට ස්ථාපනය කිරීමට යොදා ගන්නා archive ගනයට අයත් 'file type' එකකි. සරලව කියනවනම් zip,rar වැනි compress කරන ලද ෆයිල් කීපයක් එකතුවකි. 'jar' zip file format එකට අයත්‍ ය​,එනිසා Win RAR වැනි වැඩසටහනක් භාවිතා කර එහි අන්තර්ගතය 'extract' කර බැලිය​ හැක​.​ jar file එකක​ අඩංගු වන්නේ java classes, ඊට අදාල මෙටා ඩේටා(දත්ත පිලිබද දත්ත මෙටා ඩේටා ලෙස සරලව හැදින්විය හැක​), resources(images, text..etc) වැනි දෑය​.(වැඩි විස්තර මෙතැනින්).
පි‍ය‍ව‍ර I:
'jar' file එක සාදා ගැනීම සඳහා ​(  ) යන්න ක්ලික් කරන්න.

පි‍ය‍ව‍ර II:
සියල්ල නිවැරදිව සිදුවුනි නම් 'BUILD SUCCESSFUL' ලෙස Output වින්ඩෝවේ පෙන්විය යුතුය​.

පි‍ය‍ව‍ර III:
එම වින්ඩෝවේ උඩට​ scroll කල විට​ jar file එක build වුනු ස්ථානය පෙන්වා ඇත​.

පි‍ය‍ව‍ර IV:
My Computer හී address bar එකට අදාල ලිපිනය copy කර paste කල යුතුය​.


පි‍ය‍ව‍ර V:
අදාල ෆෝල්ඩරය තුල ඇති CompSoc.jad හා CompSoc.jar යන file දෙකම copy කරගන්න​.JAD(Java Application Descriptor) යනු අදාල වැඩසටහන පිලිබද තොරතුරු සහිත ගොනුවයි. මෙය අත්වශ්‍ය නොවුවත් සමහර උපාංග වලට අවශ්‍ය වේ.

පි‍ය‍ව‍ර VI:
දැන් තිබෙන්නේ මෙම files දෙක ජංගම දුරකථනයට copy කර සාමාන්‍ය වැඩසටහනක් ආකාරයට install කර ගැනීමයි(ජංගම දුරකථනය ඍජුවම සම්බන්ධ කර​/bluetooth මගින්).

JME-4.නෙට් බීන්ස් ජාවා මයික්‍රෝ සංස්කරණය පලමු වැඩසටහ

පෙර ලිපියෙන් පෙන්වා දුන් ආකාරයට සියල්ල සාර්ථකව ස්ථාපනය කල පසු පහත රූපයේ ආකරයට 'Netbeans' load විය යුතුය​.

ක්‍රමලේකන කොටස ආරම්භ කිරීමට පෙර තවත් 'Plugin' එකක් 'install' කරගත යුතුය​.එහි වැදගත්කම ඉදිරියේදී සාකච්ඡා කරමු. Plugin එක install කිරීම සදහා Menu හී Tools-> Plugin යන්න​. ලැබෙන වින්ඩෝවෙන් Available Plugins යන ටැබ් එක select කරගන්න​. එහි search textbox සදහා 'visual mobile designer' ලබාදෙන්න​. එවිට ලැබෙන 'Visual Mobile Designer' යන්නෙහි 'checkbox' එක ක්ලික් කර 'Install' විධානය ලබා දෙන්න​.


ලැබෙන වින්ඩෝව සදහා 'Next' ලබා දෙන්න​. I accept the terms... යන්න ක්ලික් කර​ නැවත Install ලබාදෙන්න​.

සියල්ල නිවැරදිව සිදුවුනු පසු ඔබට නැවත වින්ඩෝවක් මතුවනු ඇත​. ඒ සදහා 'Finish' ලබා දෙන්න​. Netbeans close කර නැවත open කරන්න.​

 පි‍ය‍ව‍ර I:
 වැඩසටහන් ලිවීමේ පලමු පියවර නව ව්‍යාපෘතියක් ඇරඹ්මයි. ඒ සදහා (File->New Project) වෙත යන්න​.

පි‍ය‍ව‍ර II:
ලැබෙන වින්ඩෝවෙන් 'Categories' යන්නට Java ME ද 'Projects' යන්නට 'Mobile Application' ද select කර 'Next' ක්ලික් කරන්න​.

පි‍ය‍ව‍ර III: 
'New Mobile Application' වින්ඩෝවෙන් Project Name යන්නට ඔබගේ ව්‍යපෘතියෙහි නම සදහන් කර 'Next' ක්ලික් කරන්න​.


පි‍ය‍ව‍ර IV: මෙහි සදහන් ආකාරයටම 'settings' සකස් කර 'Finish' ක්ලික් කරන්න​.( Device Configuration හා Device Profile පිලිබදව වැඩි විස්තර ඉදිරි ලිපියකින් සාකච්ඡා කරමු.)

පි‍ය‍ව‍ර V:
දැන් ඔබ නිරිමාණය කරගත් project එක මේ ආකාරයෙන් දිස්වනු ඇත​. රූපයේ දැක්වෙන පරිදී 'HelloMIDlet.java' ඩබල් ක්ලික් කරන්න​.


පි‍ය‍ව‍ර VI:
 එවිට දකුනූ පසින් 'HelloMIDlet.java' විවෘත වේ. එහි පහත රූපයේ පරිදී 'Screen' ක්ලික් කරන්න​. එවිට 'HelloMIDlet.java' එකෙහි 'Screen View' එක පෙන්වයි.එහි label හා textbox සදහා ඩබල් ක්ලික් කර අවශ්‍ය අගයන් ලබා දෙන්න​.


පි‍ය‍ව‍ර VII:
 දැන් 'Play' ක්ලික් කරන්න​.මේ සදහා යම් වෙලාවක් බලා සිතීමට සිදුවිය හැක​.(පරිගනකයේ කාර්‍යක්‍ෂමතාව මත රදා පවතී).


පි‍ය‍ව‍ර VIII: 
අවසාන ප්‍රතිපලය මෙවැනි 'emulator' එකක දැකගත හැක​.

මෙම මෘදුකාංගය ජංගම දුරකථනයකට 'install' කල හැකි පරිදී 'jar file' නිර්මාණය කරගන්නා ආකාරය මීලග ලිපියෙන් සාකච්ඡා කරමු.

JME-3.Install NetBeans with JavaME ( Java Micro Edition ) —ජාවා මයික්‍රෝ සංස්කරණය පි‍හි‍ටු‍වා‍ ගැ‍නී‍ම‍


අ‍පි‍ ක‍ලි‍න්‍ සා‍ක‍ච්‍ඡා‍ ක‍ර‍පු‍ වි‍දි‍හ‍ට‍ ජාවා මූලික ක්‍රමලේඛන පසුබිම Java SE වේ. මෙම සංස්කරණය මගින් සපයනු ලබන විවිධ “මෙවලම්” (Tools) හා API’s භාවිතා කරමින්, වින්ඩොව්ස්, ලින්ක්ස්, සොලාරිස්,මැකින්ටොෂ් වැනි විවිධ මෙ‍හෙ‍යු‍ම්‍ ප‍ද්‍ධ‍ති‍ වල එ‍ක‍ ලෙ‍ස‍ ධා‍ව‍න‍ය‍ ක‍ල‍ හැ‍කි‍ යෙදව්ම්(applications) නිර්මාණය ක‍ර‍න්‍න‍ පු‍ලු‍ව‍න්‍.ජාවා මයික්‍රෝ සංස්කරණය භාවිතා කිරීමට මුලින්ම JDK SE භාගත කර ගත යුතුය. ජා‍වා‍ වැ‍ඩ‍ස‍ට‍හ‍න්‍ ලි‍වී‍ම‍ ස‍දහා‍ ඊ‍ට‍ම ආ‍වේ‍ණි‍ක‍ Text editor එ‍ක‍ක්‍ අ‍ව‍ශ‍්‍ය‍ නො‍වු‍න‍ද‍‍ එ‍ය‍ ප‍හ‍සු‍ ක‍ර‍න‍ JText, JPadPro වැ‍නි‍ ජා‍වා‍ text editors භා‍වි‍තා‍ ක‍ල‍ හැ‍ක‍. එ‍ය‍ම‍ද ප්‍ර‍මා‍ණ‍ව‍ත්‍ නො‍ව‍න‍ සං‍කී‍ර්ණ‍ අ‍තු‍රු‍ මු‍හු‍ණ‍ත්‍(((( ((((()[[[[[interfaces) ස‍හි‍ත‍ ජා‍වා‍ වැ‍ඩ‍ස‍ට‍හ‍න්‍ ලි‍වී‍මේ‍දී‍ Netbeans, eclipse වැ‍නි‍ IDE භා‍වි‍තා‍ ක‍ර‍යි‍‍.
Java ME වැඩසටහන් ලිවීම සඳහා අප භාවිතා කරන්නේ 'NetBeans' මෘදුකාංගයයි.Net Beans ප‍රි‍ග‍ණ‍ක‍ය‍ට‍ භා‍ග‍ත‍(download) ක‍ර‍ ගැ‍නී‍ම‍ ස‍ද‍හා‍ ප‍හ‍ත පි‍ය‍ව‍ර‍ අ‍නු‍ග‍ම‍න‍ය‍ ක‍ර‍න්‍න.(අ‍දා‍ල‍ වෙ‍බ්‍ අ‍ඩ‍වි‍ය‍ යා‍ව‍ත්‍කා‍ලී‍න‍ ව‍න‍ හෙ‍යි‍න්‍ රූ‍ප‍ස‍ට‍හ‍න්‍ ව‍ල‍ දැ‍ක්‍වෙ‍න‍ උ‍ප‍දෙ‍ස්‍ සු‍ලු‍ ව‍ශ‍යෙ‍න්‍ වෙ‍න‍ස්‍ වි‍ය‍ හැ‍ක‍. ‍)

සැ.යු.NetBeans SE version පමණක් භාගත කර 'Java ME' වෙනම Plugin එකක් ලෙස එකතු කරගැනීමත ද හැකි වුවද බොහො දෙනාට තේරුම් ගත හැකි ලෙස මෙම ක්‍රමය පෙන්වා ඇත.
පි‍ය‍ව‍ර‍ I:
භා‍ග‍ත‍((((((((( ()download) ක‍ර‍ ගැ‍නී‍ම‍ ස‍දහා‍‍ ප‍හ‍ත‍ link එ‍ක‍ භා‍වි‍තා‍ ක‍ර‍න්‍න‍.
පි‍ය‍ව‍ර II:
ලැබෙන වෙබ් පිටුවෙන් 'Java ME' සඳහා සහාය දක්වන සංස්කරණයට අදාල download බො‍ත්‍ත‍ම‍ ම‍ත‍ ක්‍ලි‍ක්‍ ක‍ර‍න්‍න‍. (1 රූ‍ප‍ය‍)



පසුව ඔබට අවශ්‍ය නම් 'Tools->Plugins' මගින් Plugins එකතු කරගැනීම හා ඉවත් කර ගැනීම සිදුකර ගත හැක.
පි‍ය‍ව‍ර III:
බාගත කරගත් 'intaller' එක මත ඩබල් ක්ලික් කරන්න.

පි‍ය‍ව‍ර IV:
පලමු පියවර මේ ආකාරයට දැක්වේ.

පි‍ය‍ව‍ර V:
'Next' ක්ලික් කල පසු පැමිනෙන ඔරකල් හී බලපත්‍ර ගිවිසුමට එකග විය යුතුය

පි‍ය‍ව‍ර VI:
මීලග පියවරේදී ඔබට 'Netbeans' හා 'JRE' ස්ථාපනය කල යුතු ස්ථානය ලබා දිය හැක.'Netbeans' වින්ඩෝස් ස්ථාපනය කල 'partition' එක තුලම ස්ථාපනය කල යුතු නැත.ඔබ ආධුනිකයෙක් නම් කිසිවක් වෙනස් නොකොට 'Next' ක්ලික් කිරීම ප්‍රමාණවත්‍ ය.

JRE යනු Java Runtime Environment වේ. ජවා වැඩසටහන් ක්‍රියාත්මක් කිරීමට අවශ්‍ය පරිසරය සලසා දෙන්නේ 'JRE' මගිනි.
JRE = JVM + API + Other Support Files
පි‍ය‍ව‍ර VII:
ස්ථාපනය කල යුතු ස්ථානය ලබා දුන් පසු, 'Next' ක්ලික් කරන්න. මීලග වින්ඩොව තුලින් 'Install' කිරීමත යන මුලු ඉඩ ප්‍රමාණය පෙන්වයි.

පි‍ය‍ව‍ර VIII:
සෑම දෙයක්ම සකස් කල පසු, 'install' ක්ලික් කරන්න.

පි‍ය‍ව‍ර IX:
'install' කිරීම අතරමගදී පැමිණෙන මෙවැනි 'Confirmation Boxes' සදහා 'Unblock' හෝ 'Yes' ලබාදෙන්න.

පි‍ය‍ව‍ර X:
සෑම දෙයක්ම නිවැරදිව 'intall' වූ පසු පහත 'finish wizard' එක මතු වේ.මෙහි ' Contribute to the NetBeans project by providing anonymous usage data' යන්න ඔබට සක්‍රීය හෝ අක්‍රීය කල හැක. සක්‍රීය කල විට යම් 'data' ප්‍රමාණයක් හුවමාරුවන බැවින් ඔබගේ අන්තර්ජාල පැකේජය පිලිබදව ද සිතා බලන්න(For Internet Dongle users).

පි‍ය‍ව‍ර XI:
'Finish' ක්ලික් කොට 'installation process' එක අවසන් කරන්න. දැන් ඔබගේ 'Windows Start Menu' හෝ 'Desktop' තුල ඇති 'Netbeans icon' එක ඩබල් ක්ලික් කරන්න.



පි‍ය‍ව‍ර XII:
අවසානයේ 'NetBeans' රූපයේ ආකාරයට 'loading' වෙනු ඇත.

පි‍ය‍ව‍ර XIII:


Netbeans ජා‍වා‍ ම‍යි‍ක්‍රෝ‍ සං‍ස්‍ක‍ර‍ණ‍ය‍ භා‍වි‍තා‍ ක‍ර‍ වැ‍ඩ‍ස‍ට‍හ‍න්‍ ලි‍ය‍න‍ ආ‍කා‍ර‍ය‍ මී‍ල‍ග‍ ලි‍පි‍යෙ‍න්‍ ස‍ල‍කා‍ බ‍ල‍මු‍.

JME-2.ජාවා හි සංස්කරණ



 

Sun Microsystem ආයතනය(ව‍ර්ත‍මා‍න‍යේ‍ Oracle හී‍ පරිපාලිත සමාගමක්‍ ව‍න‍) ජාවා ක්‍රමලේඛන විවිධ මාධ්‍ය(Platform) ඉලක්ක කරගනිම්න් සකස්කර ඇත. ඒවා නම්:
  • Java Card (ජාවා කාඩ්‍‍ — ස්මාට්කාඩ් සදහා.)
    Micro Edition (ME) ජාවා මයික්‍රෝ සංස්කරණය (ජාවා එම්.ඊ.) — සීමාසහිත සම්පත් ඇති පද්ධති සදහා(ජංගම දුරකථන, රූපවාහිනි ආදිය සදහා).
    Standard Edition (SE) ජාවා සාමාන්‍ය සංස්කරණය (ජාවා එස්.ඊ.) — සාමාන්‍ය පරිඝනක සදහා.
    Enterprise Edition (EE) ජාවා වානිජ සංස්කරණය (ජාවා ඊ.ඊ.) — වානිජමය ඉතා දියුනු අන්තර්ජාල යෙදුම් නිර්මාණය කිරිම සදහා.


    Java Card (ජාවා කාඩ්‍‍ — ස්මාට්කාඩ් සදහා)



    Java applets වැ‍නි‍ කු‍ඩා‍ යෙ‍ද‍වු‍ම්‍ smart cards වල හා ඊට සමාන කුඩා මතකයක් සූක්ෂම උපාංග වල ඇති ආ‍ර‍ක්‍ෂි‍ත‍ව‍ ‍ ධා‍ව‍න‍ය‍ ක‍ල හැකි තාක්ෂණයකි. ජාවා වල කුඩාම මාධ්‍ය මෙයයි. GSM දුරකතන සදහා භාවිතා වන SIM කාඩ්පත් හා ATM කාඩ්පත් සදහා JavaCard බහුලව යොදාගනී.



    JavaSE ( Java Standard Edition ) —ජාවා සාමාන්‍ය සංස්කරණය



    ජාවා මූලික ක්‍රමලේඛන පසුබිම මෙයයි. මෙම සංස්කරණය මගින් සපයනු ලබන විවිධ “මෙවලම්” (Tools) හා API’s භාවිතා කරමින්, වින්ඩොව්ස්, ලින්ක්ස්, සොලාරිස්,මැකින්ටොෂ් වැනි විවිධ පාරිසරික වලට යෙදව්ම්(applications) නිර්මාණය කල හැකි වෙයි.



    JavaEE ( Java Enterprise Edition ) — ජාවා වානිජ සංස්කරණය



    මෙම සංස්කරණය JavaSE පාදක කොට ගෙන ඉදිරිපත් කර ඇත. ඔබගේ යෙදවුම(application) ඉතා විශාල පරාසයක් පැතිර යන,විසිරි පද්ධති(Distributed System) සහිත නම් JavaEE වෙත යොමු විය යුතුය.JavaEE database access (JDBC, JPA), remote method invocation (RMI), messaging (JSM), web services, XML processing, and defines standard APIs for Enterprise JavaBeans, servlets, portlets, JavaServer Pages, යනාදී විශාල ප‍රා‍ස‍ය‍ක්‍ පැ‍ති‍ර‍ ය‍න්‍න‍කි‍.

    JavaME ( Java Micro Edition ) —ජාවා මයික්‍රෝ සංස්කරණය


     අප හැදෑරීමට බලාපොරොත්තු වන මාධ්‍ය මෙයයි. JavaME වර්තමානයේ ජංගම උපකරණ සදහා ඉතා ජනප්‍රියව ඇති අතර SymbianBREW, හා .NET Compact Framework තරගකාරී ක්‍රමලේඛන භාෂා මාධ්‍යයන් වේ. ජංගම දුරකථන නිපදවන්නන් ට විවිධ ජාවා යෙදුම්(Java applications) විවිධ ජංගම දුරකථන වල ධාවනය ප‍රි‍දී‍ නි‍ප‍ද‍වී‍ම සදහා පැන නැගුනු පොදු ප්‍රමිතියක අවශ්‍යතාවය නිසා Mobile Information Device Profile (MIDP) ප්‍රමිතිය බිහිවිය.(MIDP හා‍ CLDC ගැ‍න‍ මී‍ල‍ග‍ ලි‍පි‍යෙ‍න්‍ ක‍තා‍ ක‍ර‍මු‍)
    ගූ‍ග‍ල්‍ ඇන්ඩ්‍රොයිඩ්‍‍(Google's Android) මෙ‍හෙ‍යු‍ම්‍ ප‍ද්‍ධ‍ති‍ය‍ ප‍වා‍ ජා‍වා‍ භා‍ෂා‍ව‍ භා‍වි‍තා‍ ක‍ර‍යි‍. න‍මු‍ත්‍ ‍ එ‍හි‍ ජා‍වා‍ හී‍ එ‍න‍ class libraries භා‍වි‍තා‍ නො‍ක‍ර‍න‍ බැ‍වි‍න්‍ ඇන්ඩ්‍රොයිඩ්‍‍ 100% ජා‍වා‍ නො‍වේ‍. ගූ‍ග‍ල්‍ ඇන්ඩ්‍රොයිඩ්‍ කේ‍ත‍ ක්‍රි‍යා‍ ක‍ර‍වී‍ම‍ට‍ Java VM වෙ‍නු‍ව‍ට‍ Dalvik VM භා‍වි‍තා‍ ක‍ර‍යි‍.

JME-1. ජාවා ME වැඩසටහනක ක්‍රියාවලිය

ජාවා කේතකරණය සදහා ජාවා සාමාන්‍ය සංස්කරණයේ මූලික දැනුම අවශ්‍ය වේ.පහත ලින්ක් එක මගින් ජාවා මූලික පාඩම් ලබා ගත හැක​.
http://javakuppi.blogspot.com/Java_SE_Basics

ජාවා ක්‍රමලේඛනය ගොඩක් ලේසියි. ජාවා ක්‍රමලේඛනයට වෙනත් ක්‍රමලේඛන භාෂාවල මෙන් විශේෂ මෘදුකාංගයක් අවශ්‍ය නෑ. මේකට ඕනෑම Text Editor එකක් පාවිච්චි කරන්න පුලුවන්. ඔව් හරියට හරි. Notepad වලිනුත් පුළුවන්. උබුන්ටු වලදී නම් (gedit) පාවිච්චි කරන්න පුළුවන්. ජාවා වලින් ලියූ වැඩසටහනක් ධාවනය හෝ ක්‍රියා කරවීම සදහා යොදාගන්නේ Java VM(Java Virtual Machine), ජාවා API (Application Programming Interface) හා වෙනත් Libraries ගොන්නක එකතුව නැතහොත් JRE (Java Runtime Environment) වේ.
JRE = JVM + API + Other Support Files
වර්තමානයේ භාවිතා වන බොහොමයක් මෙහෙයුම් පද්ධති(Operating Systems) වල JRE අඩංගු නිසා නැවත install කිරීමක් අවශ්‍ය නොවේ. එනම් ජාවා ක්‍රමලේඛන භාෂාව නිමවා ඇත්තේ ඕනෑම ජාවා වැඩසටහනක් ඕනෑම පරිගණකයක් තුල ධාවනය කල හැකි සේය(Platform Natural Language).



ජාවා වැඩසටහනක් JRE තුල ධාවනය කර වීම සදහා එම වැඩසටහන .class හෝ .jar ගොනු වර්ගයෙන් තිබිය යුතුය.



නව වැඩසටහනක් ලියා ධාවනය කර හැකි තත්වයට පත් කරලීමට එනම් JRE තුල ධාවනය කරවීමට JDK(Java Devolopment Kit) අවශ්‍ය වේ. වැඩසටහනක් නිර්මාණය සදහා අවශ්‍ය මෙවලම්(tools) අඩංගු වන්නේ මෙහිය. අප සරල text editor එකක් භාවිතා කොට ගොනු වර්ගය(File Type) ".java" ලෙස සුරක්ෂිත කල ගොනුව JDK තුල අඩංගු වන compiler මගින් .class ගොනුවක් බවට පත් කරයි.


මෙහිදී .java ගොනුව තුල අන්තර්ගතය Java Source Code එ‍ක‍ මිනිසාට පහසුවෙන් තේරුම් ගත හැකි වුවද පරිගණකයට අපහසුය .class ගොනුව තුල දත්ත අන්තර්ගත වන්නේ java byte codes ආකාරයටය.එය මිනිසාට තේරුම් ගත හැකි හා පරිගණකයට තේරුම් ගත හැකි භාෂා අතර මධ්‍යස්ථ අවස්ථාවක් ලෙස සැලකිය හැක.JVM මගින් සිදු කරනුයේ එම java byte codes පරිගණකය හෝ අදාල උපාංගයට අවබෝධ වන ආකාරයට binary(100101) එ‍න‍ම්‍ Machine Language වලට පරිවර්ථනය කර දීමයි.
අ‍ම‍ත‍ර‍ දැ‍නු‍ම‍ට‍: Java හී‍දී‍ compile කි‍රී‍මේ‍දී‍ Java Byte Code බ‍ව‍ට‍ ප‍ත් ‍ව‍න අ‍ත‍ර‍ ‍C, C++, COBOL වැ‍නි‍ ක්‍ර‍ම‍ලේ‍ඛ‍ භා‍වි‍තා‍ ක‍ර‍ ලි‍ය‍න‍ වැ‍ඩ‍ස‍ට‍හ‍න්‍ compile කි‍රී‍මේ‍දී‍ ස්‍රි‍ජු‍ව‍ම‍ Machine Language ව‍ල‍ට‍ ප‍ත්‍ වේ‍.



වි‍වි‍ධ‍ programming languages->machine language බ‍ව‍ට‍ ප‍ත්‍ ක‍ර‍න‍ ආ‍කා‍ර‍
machine language බ‍ව‍ට‍ ප‍ත්‍ ක‍ර‍න‍ ආ‍කා‍ර‍";

Related Posts Plugin for WordPress, Blogger...