Tuesday, January 1, 2013

JME-4.නෙට් බීන්ස් ජාවා මයික්‍රෝ සංස්කරණය පලමු වැඩසටහ

පෙර ලිපියෙන් පෙන්වා දුන් ආකාරයට සියල්ල සාර්ථකව ස්ථාපනය කල පසු පහත රූපයේ ආකරයට 'Netbeans' load විය යුතුය​.


ක්‍රමලේකන කොටස ආරම්භ කිරීමට පෙර තවත් 'Plugin' එකක් 'install' කරගත යුතුය​.එහි වැදගත්කම ඉදිරියේදී සාකච්ඡා කරමු. Plugin එක install කිරීම සදහා Menu හී Tools-> Plugin යන්න​. ලැබෙන වින්ඩෝවෙන් Available Plugins යන ටැබ් එක select කරගන්න​. එහි search textbox සදහා 'visual mobile designer' ලබාදෙන්න​. එවිට ලැබෙන 'Visual Mobile Designer' යන්නෙහි 'checkbox' එක ක්ලික් කර 'Install' විධානය ලබා දෙන්න​.


ලැබෙන වින්ඩෝව සදහා 'Next' ලබා දෙන්න​. I accept the terms... යන්න ක්ලික් කර​ නැවත Install ලබාදෙන්න​.

සියල්ල නිවැරදිව සිදුවුනු පසු ඔබට නැවත වින්ඩෝවක් මතුවනු ඇත​. ඒ සදහා 'Finish' ලබා දෙන්න​. Netbeans close කර නැවත open කරන්න.​

 පි‍ය‍ව‍ර I:
 වැඩසටහන් ලිවීමේ පලමු පියවර නව ව්‍යාපෘතියක් ඇරඹ්මයි. ඒ සදහා (File->New Project) වෙත යන්න​.

පි‍ය‍ව‍ර II:
ලැබෙන වින්ඩෝවෙන් 'Categories' යන්නට Java ME ද 'Projects' යන්නට 'Mobile Application' ද select කර 'Next' ක්ලික් කරන්න​.

පි‍ය‍ව‍ර III: 
'New Mobile Application' වින්ඩෝවෙන් Project Name යන්නට ඔබගේ ව්‍යපෘතියෙහි නම සදහන් කර 'Next' ක්ලික් කරන්න​.


පි‍ය‍ව‍ර IV: මෙහි සදහන් ආකාරයටම 'settings' සකස් කර 'Finish' ක්ලික් කරන්න​.( Device Configuration හා Device Profile පිලිබදව වැඩි විස්තර ඉදිරි ලිපියකින් සාකච්ඡා කරමු.)

පි‍ය‍ව‍ර V:
දැන් ඔබ නිරිමාණය කරගත් project එක මේ ආකාරයෙන් දිස්වනු ඇත​. රූපයේ දැක්වෙන පරිදී 'HelloMIDlet.java' ඩබල් ක්ලික් කරන්න​.


පි‍ය‍ව‍ර VI:
 එවිට දකුනූ පසින් 'HelloMIDlet.java' විවෘත වේ. එහි පහත රූපයේ පරිදී 'Screen' ක්ලික් කරන්න​. එවිට 'HelloMIDlet.java' එකෙහි 'Screen View' එක පෙන්වයි.එහි label හා textbox සදහා ඩබල් ක්ලික් කර අවශ්‍ය අගයන් ලබා දෙන්න​.


පි‍ය‍ව‍ර VII:
 දැන් 'Play' ක්ලික් කරන්න​.මේ සදහා යම් වෙලාවක් බලා සිතීමට සිදුවිය හැක​.(පරිගනකයේ කාර්‍යක්‍ෂමතාව මත රදා පවතී).


පි‍ය‍ව‍ර VIII: 
අවසාන ප්‍රතිපලය මෙවැනි 'emulator' එකක දැකගත හැක​.

මෙම මෘදුකාංගය ජංගම දුරකථනයකට 'install' කල හැකි පරිදී 'jar file' නිර්මාණය කරගන්නා ආකාරය මීලග ලිපියෙන් සාකච්ඡා කරමු.

පා‍ඩ‍ම‍:

0 ප්‍ර‍ති‍චා‍ර‍:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...