පෙර ලිපියෙන් පෙන්වා දුන් ආකාරයට සියල්ල සාර්ථකව අවසන් කල පසු පහත රූපයේ ආකරයට 'Application' එක run විය යුතුය.

JAR යනු Java ARchive යන්නයි. එනම් ජාවා වැඩසටහනක් උපාංගයකට ස්ථාපනය කිරීමට යොදා ගන්නා archive ගනයට අයත් 'file type' එකකි. සරලව කියනවනම් zip,rar වැනි compress කරන ලද ෆයිල් කීපයක් එකතුවකි. 'jar' zip file format එකට අයත් ය,එනිසා Win RAR වැනි වැඩසටහනක් භාවිතා කර එහි අන්තර්ගතය 'extract' කර බැලිය හැක. jar file එකක අඩංගු වන්නේ java classes, ඊට අදාල මෙටා ඩේටා(දත්ත පිලිබද දත්ත මෙටා ඩේටා ලෙස සරලව හැදින්විය හැක), resources(images, text..etc) වැනි දෑය.(වැඩි විස්තර මෙතැනින්).
පියවර I:
'jar' file එක සාදා ගැනීම සඳහා (

පියවර II:
සියල්ල නිවැරදිව සිදුවුනි නම් 'BUILD SUCCESSFUL' ලෙස Output වින්ඩෝවේ පෙන්විය යුතුය.
පියවර III:
එම වින්ඩෝවේ උඩට scroll කල විට jar file එක build වුනු ස්ථානය පෙන්වා ඇත.
පියවර IV:
My Computer හී address bar එකට අදාල ලිපිනය copy කර paste කල යුතුය.
පියවර V:
අදාල ෆෝල්ඩරය තුල ඇති CompSoc.jad හා CompSoc.jar යන file දෙකම copy කරගන්න.JAD(Java Application Descriptor) යනු අදාල වැඩසටහන පිලිබද තොරතුරු සහිත ගොනුවයි. මෙය අත්වශ්‍ය නොවුවත් සමහර උපාංග වලට අවශ්‍ය වේ.
පියවර VI:
දැන් තිබෙන්නේ මෙම files දෙක ජංගම දුරකථනයට copy කර සාමාන්‍ය වැඩසටහනක් ආකාරයට install කර ගැනීමයි(ජංගම දුරකථනය ඍජුවම සම්බන්ධ කර/bluetooth මගින්).
0 ප්‍රතිචාර:
Post a Comment