Tuesday, January 1, 2013

JME-2.ජාවා හි සංස්කරණ



 

Sun Microsystem ආයතනය(ව‍ර්ත‍මා‍න‍යේ‍ Oracle හී‍ පරිපාලිත සමාගමක්‍ ව‍න‍) ජාවා ක්‍රමලේඛන විවිධ මාධ්‍ය(Platform) ඉලක්ක කරගනිම්න් සකස්කර ඇත. ඒවා නම්:
  • Java Card (ජාවා කාඩ්‍‍ — ස්මාට්කාඩ් සදහා.)
    Micro Edition (ME) ජාවා මයික්‍රෝ සංස්කරණය (ජාවා එම්.ඊ.) — සීමාසහිත සම්පත් ඇති පද්ධති සදහා(ජංගම දුරකථන, රූපවාහිනි ආදිය සදහා).
    Standard Edition (SE) ජාවා සාමාන්‍ය සංස්කරණය (ජාවා එස්.ඊ.) — සාමාන්‍ය පරිඝනක සදහා.
    Enterprise Edition (EE) ජාවා වානිජ සංස්කරණය (ජාවා ඊ.ඊ.) — වානිජමය ඉතා දියුනු අන්තර්ජාල යෙදුම් නිර්මාණය කිරිම සදහා.


    Java Card (ජාවා කාඩ්‍‍ — ස්මාට්කාඩ් සදහා)



    Java applets වැ‍නි‍ කු‍ඩා‍ යෙ‍ද‍වු‍ම්‍ smart cards වල හා ඊට සමාන කුඩා මතකයක් සූක්ෂම උපාංග වල ඇති ආ‍ර‍ක්‍ෂි‍ත‍ව‍ ‍ ධා‍ව‍න‍ය‍ ක‍ල හැකි තාක්ෂණයකි. ජාවා වල කුඩාම මාධ්‍ය මෙයයි. GSM දුරකතන සදහා භාවිතා වන SIM කාඩ්පත් හා ATM කාඩ්පත් සදහා JavaCard බහුලව යොදාගනී.



    JavaSE ( Java Standard Edition ) —ජාවා සාමාන්‍ය සංස්කරණය



    ජාවා මූලික ක්‍රමලේඛන පසුබිම මෙයයි. මෙම සංස්කරණය මගින් සපයනු ලබන විවිධ “මෙවලම්” (Tools) හා API’s භාවිතා කරමින්, වින්ඩොව්ස්, ලින්ක්ස්, සොලාරිස්,මැකින්ටොෂ් වැනි විවිධ පාරිසරික වලට යෙදව්ම්(applications) නිර්මාණය කල හැකි වෙයි.



    JavaEE ( Java Enterprise Edition ) — ජාවා වානිජ සංස්කරණය



    මෙම සංස්කරණය JavaSE පාදක කොට ගෙන ඉදිරිපත් කර ඇත. ඔබගේ යෙදවුම(application) ඉතා විශාල පරාසයක් පැතිර යන,විසිරි පද්ධති(Distributed System) සහිත නම් JavaEE වෙත යොමු විය යුතුය.JavaEE database access (JDBC, JPA), remote method invocation (RMI), messaging (JSM), web services, XML processing, and defines standard APIs for Enterprise JavaBeans, servlets, portlets, JavaServer Pages, යනාදී විශාල ප‍රා‍ස‍ය‍ක්‍ පැ‍ති‍ර‍ ය‍න්‍න‍කි‍.

    JavaME ( Java Micro Edition ) —ජාවා මයික්‍රෝ සංස්කරණය


     අප හැදෑරීමට බලාපොරොත්තු වන මාධ්‍ය මෙයයි. JavaME වර්තමානයේ ජංගම උපකරණ සදහා ඉතා ජනප්‍රියව ඇති අතර SymbianBREW, හා .NET Compact Framework තරගකාරී ක්‍රමලේඛන භාෂා මාධ්‍යයන් වේ. ජංගම දුරකථන නිපදවන්නන් ට විවිධ ජාවා යෙදුම්(Java applications) විවිධ ජංගම දුරකථන වල ධාවනය ප‍රි‍දී‍ නි‍ප‍ද‍වී‍ම සදහා පැන නැගුනු පොදු ප්‍රමිතියක අවශ්‍යතාවය නිසා Mobile Information Device Profile (MIDP) ප්‍රමිතිය බිහිවිය.(MIDP හා‍ CLDC ගැ‍න‍ මී‍ල‍ග‍ ලි‍පි‍යෙ‍න්‍ ක‍තා‍ ක‍ර‍මු‍)
    ගූ‍ග‍ල්‍ ඇන්ඩ්‍රොයිඩ්‍‍(Google's Android) මෙ‍හෙ‍යු‍ම්‍ ප‍ද්‍ධ‍ති‍ය‍ ප‍වා‍ ජා‍වා‍ භා‍ෂා‍ව‍ භා‍වි‍තා‍ ක‍ර‍යි‍. න‍මු‍ත්‍ ‍ එ‍හි‍ ජා‍වා‍ හී‍ එ‍න‍ class libraries භා‍වි‍තා‍ නො‍ක‍ර‍න‍ බැ‍වි‍න්‍ ඇන්ඩ්‍රොයිඩ්‍‍ 100% ජා‍වා‍ නො‍වේ‍. ගූ‍ග‍ල්‍ ඇන්ඩ්‍රොයිඩ්‍ කේ‍ත‍ ක්‍රි‍යා‍ ක‍ර‍වී‍ම‍ට‍ Java VM වෙ‍නු‍ව‍ට‍ Dalvik VM භා‍වි‍තා‍ ක‍ර‍යි‍.

පා‍ඩ‍ම‍:

0 ප්‍ර‍ති‍චා‍ර‍:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...