Tuesday, January 1, 2013

JME-1. ජාවා ME වැඩසටහනක ක්‍රියාවලිය

ජාවා කේතකරණය සදහා ජාවා සාමාන්‍ය සංස්කරණයේ මූලික දැනුම අවශ්‍ය වේ.පහත ලින්ක් එක මගින් ජාවා මූලික පාඩම් ලබා ගත හැක​.
http://javakuppi.blogspot.com/Java_SE_Basics

ජාවා ක්‍රමලේඛනය ගොඩක් ලේසියි. ජාවා ක්‍රමලේඛනයට වෙනත් ක්‍රමලේඛන භාෂාවල මෙන් විශේෂ මෘදුකාංගයක් අවශ්‍ය නෑ. මේකට ඕනෑම Text Editor එකක් පාවිච්චි කරන්න පුලුවන්. ඔව් හරියට හරි. Notepad වලිනුත් පුළුවන්. උබුන්ටු වලදී නම් (gedit) පාවිච්චි කරන්න පුළුවන්. ජාවා වලින් ලියූ වැඩසටහනක් ධාවනය හෝ ක්‍රියා කරවීම සදහා යොදාගන්නේ Java VM(Java Virtual Machine), ජාවා API (Application Programming Interface) හා වෙනත් Libraries ගොන්නක එකතුව නැතහොත් JRE (Java Runtime Environment) වේ.

JRE = JVM + API + Other Support Files
වර්තමානයේ භාවිතා වන බොහොමයක් මෙහෙයුම් පද්ධති(Operating Systems) වල JRE අඩංගු නිසා නැවත install කිරීමක් අවශ්‍ය නොවේ. එනම් ජාවා ක්‍රමලේඛන භාෂාව නිමවා ඇත්තේ ඕනෑම ජාවා වැඩසටහනක් ඕනෑම පරිගණකයක් තුල ධාවනය කල හැකි සේය(Platform Natural Language).



ජාවා වැඩසටහනක් JRE තුල ධාවනය කර වීම සදහා එම වැඩසටහන .class හෝ .jar ගොනු වර්ගයෙන් තිබිය යුතුය.



නව වැඩසටහනක් ලියා ධාවනය කර හැකි තත්වයට පත් කරලීමට එනම් JRE තුල ධාවනය කරවීමට JDK(Java Devolopment Kit) අවශ්‍ය වේ. වැඩසටහනක් නිර්මාණය සදහා අවශ්‍ය මෙවලම්(tools) අඩංගු වන්නේ මෙහිය. අප සරල text editor එකක් භාවිතා කොට ගොනු වර්ගය(File Type) ".java" ලෙස සුරක්ෂිත කල ගොනුව JDK තුල අඩංගු වන compiler මගින් .class ගොනුවක් බවට පත් කරයි.


මෙහිදී .java ගොනුව තුල අන්තර්ගතය Java Source Code එ‍ක‍ මිනිසාට පහසුවෙන් තේරුම් ගත හැකි වුවද පරිගණකයට අපහසුය .class ගොනුව තුල දත්ත අන්තර්ගත වන්නේ java byte codes ආකාරයටය.එය මිනිසාට තේරුම් ගත හැකි හා පරිගණකයට තේරුම් ගත හැකි භාෂා අතර මධ්‍යස්ථ අවස්ථාවක් ලෙස සැලකිය හැක.JVM මගින් සිදු කරනුයේ එම java byte codes පරිගණකය හෝ අදාල උපාංගයට අවබෝධ වන ආකාරයට binary(100101) එ‍න‍ම්‍ Machine Language වලට පරිවර්ථනය කර දීමයි.
අ‍ම‍ත‍ර‍ දැ‍නු‍ම‍ට‍: Java හී‍දී‍ compile කි‍රී‍මේ‍දී‍ Java Byte Code බ‍ව‍ට‍ ප‍ත් ‍ව‍න අ‍ත‍ර‍ ‍C, C++, COBOL වැ‍නි‍ ක්‍ර‍ම‍ලේ‍ඛ‍ භා‍වි‍තා‍ ක‍ර‍ ලි‍ය‍න‍ වැ‍ඩ‍ස‍ට‍හ‍න්‍ compile කි‍රී‍මේ‍දී‍ ස්‍රි‍ජු‍ව‍ම‍ Machine Language ව‍ල‍ට‍ ප‍ත්‍ වේ‍.



වි‍වි‍ධ‍ programming languages->machine language බ‍ව‍ට‍ ප‍ත්‍ ක‍ර‍න‍ ආ‍කා‍ර‍
machine language බ‍ව‍ට‍ ප‍ත්‍ ක‍ර‍න‍ ආ‍කා‍ර‍";

පා‍ඩ‍ම‍:

0 ප්‍ර‍ති‍චා‍ර‍:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...