Friday, December 10, 2010

JSE3:Features in Java (ජාවා හී ගුණාංග)


ජාවා වෙනත් ක්‍රමලේඛන භාෂා වලින් වෙනස් වෙන්නේ කෙසේද කියා අපි මෙම ලිපියෙන් ඉගෙන ගනිමු.
  1. Simple(සරල බව)
  2. Object Oriented(වස්තූන් පාදකය)
  3. Statically Typed(ස්ථිතිකත්වය)
  4. Compiled (සම්පාදනය කරන ලද)
  5. Multithreads (බ‍හුකාර්ය)
  6. Garbage Collection(අනවශ්‍ය දෑ ඉවත්කිරීමේ ස්ව්යංක්‍රීය යාන්ත්‍රණය)
  7. Robust(ශක්තිමත් බව/බිද නොවැටීමේ හැකියාව)
  8. Secure(ආරක්ෂිත බව)

1. Simple(සරල බව)

ජාවා අනෙකුත් උසස් ක්‍රමලේඛන භාෂා වල පවතින අනවශ්‍ය ලක්ෂණ එනම් pointer math, implcit type casting, templates, header file සදහා සහාය නොදක්වයි.
2. Object Oriented(වස්තූන් පාදකය)

ජාවා වස්තූන් පාදක ක්‍රමලේඛන භාෂාවක් (Object Oriented Programming Language) ලෙස සැලකේ. එතකොට OOP භාෂාවක් වීමේ වැදගත්කම මොකක්ද? ක්‍රමලේඛන ශිල්පයට නවකයන්ට, OOP භාවිතා කොට ලියන ලද මෘදුකාංග නිර්මාණය හා නඩත්තුව පහසුය. මක් නිසාද යත් OOP සැකැස්ම මෘදුකාංග සංවර්ධකයන්(S/W Devolopers) ට මෘදුකාංග මනා ලෙස සංවිධානය කිරීමට දිරිගැන්වීම තුලින් සංකීර්ණ මෘදුකාංග තේරුම් ගැනීම පහසු කරන අතරම කලමනාකරණය කල හැකි කුඩා කොටස් වලට වෙන් කරයි.OOP පිලිබද පසුව ලිපියකින් සාකච්ඡා කෙරේ.
3. Statically Typed(ස්ථිතිකත්වය)

ජාවා ක්‍රමලේඛ තුල භාවිතා කරන සියලුම Object(වස්තූන්),Variables(විචල්‍යයන්) එම ක්‍රමලේඛය තුල භාවිතා කිරීමට පෙර හදුන්වා දිය යුතුය.
4. Compiled (සම්පාදනය කරන ලද)

නිර්මාණය කරන ලද ජාවා ක්‍රමලේඛයක් run කිරීමට පෙර ජාවා සම්පාදකයක්(Compiler) මගින් සම්පාදනය(compile) කල යුතුය. Compiler මගින් Java Source Code එක Byte Code එකක් බවට පරිවර්ථනය කරයි. මෙම Byte Codes, JVM(Java Virtual Machine) මගින් මෙහෙයුම් පද්ධතියට අවශ්‍ය Machine Codes බවට පත් කරයි.
5. Multithreads (බ‍හුකාර්ය)

Java වැ‍ඩ‍ස‍ට‍හ‍න්‍ නි‍ර්‍මා‍ණ‍යේ‍දී‍ එ‍ම‍ගි‍න්‍ ය‍ම්‍ ය‍ම්‍ ක්‍රි‍යා‍ව‍න්‍(methods) සමගාමීව(concurrently)‍ සි‍දු‍ක‍ල‍ යු‍තු‍ බ‍හුකාර්ය අ‍ව‍ස්‍ථා‍ වල Multithreads යොදා ගැනේ.
6. Garbage Collection(අනවශ්‍ය දෑ ඉවත්කිරීමේ ස්ව්යංක්‍රීය යාන්ත්‍රණය)

Garbage Collection යනු Java Virtual Machine මගින් දැනට භාවිතයට නොගැනෙන objects සදහා ඇති මතකයේ ගෙන ඇති අනවශ්‍ය ඉඩකඩ(garbage) නැවත අත්පත් කර ගැනීමේ ස්වයංක්‍රීය යාන්ත්‍රනයකි.Garbage Collection මගින් C++ වැනි පරිගණක ක්‍රමලේඛන භාෂාවල අත්‍යවශ්‍ය අවධානය යොමුකල යුතු කොටසක් වන මතකය කලමණාකරණය(memory management) න් ක්‍රමලේඛන ශිල්පියා මුදවා වැඩි කාලයක් වැඩසටහන වෙත යෙදවීමට සලස්වයි.
7. Robust(ශක්තිමත් බව/බිද නොවැටීමේ හැකියාව)

java ක්‍රමලේඛන පරිවර්ථකය පද්ධතිය තුලට ඇතුලු වීමට ඇති සියලුම ඉඩකඩ පරීක්ෂා කරයි.එබැවින් ජාවා ක්‍රම ලේඛය බිදවැටීමකට ලක්වීම ඉතා අවම මට්ටමක පවතී.
8. Secure(ආරක්ෂිත බව)

ක්‍රමලේඛවල ආරක්ෂිතභාවය හා මෘදුකාංගවල ආරක්ෂිත භාවය.

0 ප්‍ර‍ති‍චා‍ර‍:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...